පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ප්‍රබලයින්ගේ නාම ලේඛනය ජනපතිට – සම්පූර්ණ කතාව මෙන්න !

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ප්‍රබලයින්ගේ නාම ලේඛනය ජනපතිට – සම්පූර්ණ කතාව මෙන්න !
Spread the love

දේශපාලනඥයින් තිදෙනකුට සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසකට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වී තිබේ

2019 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන තත්ත්වය පිළිබඳ ලිපියක් සහ ඒ හා සම්බන්ධ විමර්ශන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගක් ගෙන නොමැති බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගරදගුරු තුමා අද (13) කොළඹ රදගුරුගේ නිවසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

යුක්තිය ලබාගෙන ප්‍රහාරයන්ට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු වන තුරු තමා මෙම අරගලය දිගටම කරගෙන යන බව ප්‍රකාශ කළ කාදිනල්තුමා ජනතාව රවටා නොගෙන සත්‍යය හෙළි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

පාස්කු ප්‍රහාරයේදී සැකකරු සාරා ජස්මින්ගේ භූමිකාව සහ ඇය සිටින ස්ථානය ගැනද කාදිනල්තුමා ප්‍රශ්න කළේය.

යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව කාදිනල්තුමා තවදුරටත් විමසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව විසින් ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ දීර්ඝ ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.