පූජිත්ට සහ හේමසිරිට ‘චෝදනා 1728ක් යටතේ නඩු – මිනී මැරීම හා මිනී මැරීමට තැත් කළ බවටත් චෝදනා !

පූජිත්ට සහ හේමසිරිට ‘චෝදනා 1728ක් යටතේ නඩු – මිනී මැරීම හා මිනී මැරීමට තැත් කළ බවටත් චෝදනා !
Spread the love

ඉතා පැහැදිලි බුද්ධි අංශ වාර්තා ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිවිරෝධී නොසලකාහැරීම හේතුවෙන් පුද්ගලයන් 275කට ජීවිතවලින් වන්දි ගෙවීමට ද තවත් 500 කට බරපතල තුවාලවලට ලක්වීමට ද සිදුව ඇති බව නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරණ මෙම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන්  ඉල්ලීමක් කර තිබෙනවා.