පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්’ – කැබිනට් අනුමැතිය හිමිවෙයි

පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්’ –  කැබිනට් අනුමැතිය හිමිවෙයි
Spread the love

පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අදාළ නීති සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා.

මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමත්‍යවරයා පැවසුවේ, සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බවත් ලොව වෙනත් රටවල ද මෙවැනි පියවර ගෙන තිබෙන බවයි.

මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.