පොහොර හා කෘෂි රසායන තහනමෙන් ‘ගුණාත්මක තේ කර්මාන්තය වළපල්ලට‘

පොහොර හා කෘෂි රසායන තහනමෙන් ‘ගුණාත්මක තේ කර්මාන්තය වළපල්ලට‘
Spread the love

‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව පහත වැටෙනවා. තේ පොහොර දැන්වත් නිදහස් කරන්න

තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්රූමයක් සඳහා ලැබෙන මිල තුන්වන අඛණ්ඩව මාසයටත් පහත බැස ඇත.  ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ දළු නිෂ්පාදනය කළ නොහැකිව ඇත.  අපනයන මට්ටමේ තේ නිෂ්පාදනවල පැවතිය යුතු ගුණාත්මක භාවය තත්වයෙන් බාල තේ දළු වලින් ලබා ගත නොහැකිව ඇත. තේ සඳහා ලැබෙන මිල අඛණ්ඩව පහත වැටීමට වැලැක්වීමට නම් තේ වගාව සඳහා හෝ රජය රදවාගෙන තිබෙන පොහොර වහා නිදහස් කළ යුතු ය. ‘‘අපනයන ආදායමේ හදවත බදු තේ වගාව රැක ගැනීම සඳහා පොහොර හා කෘෂි රසායන ආනයන තහනම පිළිබඳ වහා නැවත ඇගයීමක් සිදු කළ යුතුව ඇතැයි‘‘ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

පොහොර හා කෘෂි රසානයන නොමැතිවීමෙන් මේ වන විට තේ වගාව දැඩි පරිහානියක ලක්ව තිබේ.  පහත රට තේ වගාවේ අස්වැන්න හා දළුවල ගුණාත්මක බව පහත වැටීම සුවිශේෂී වේ.  කඳුකර තේ වගාවට පොහොර නොමැතිවීමට අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක්වී ඇත. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දළු අඩුවීම පමණක් නොව, ගස් විනාශවීම ද ඇරඹී ඇත.

වතු සමාගම් සතුව පොහොර හා කෘෂි රසායන තොග පවතින නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර  නොලැබේ.  වතු සමාගම් හා කුඩා වතු හිමියන්ට ඇත්තේ එකම වෙළෙඳපොලකි.  තත්වයෙන් බාල තේ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොලට පැමිණීමත් සමඟම තේ මිල පහත යාම ඇරඹී තිබේ.

අත්තනෝමතික කෘෂි රසායන තහනම් හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල තත්වය පවත්වාගෙන යාමේ ගැටළුවකට කෘෂි නිෂ්පාදන කේෂ්ත්‍රෙයේ සෑම කණ්ඩායමක්ම මුහුණ දී සිටී.  ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ආදායමේන් 15% ක් ලැබෙන්නේ තේ නිෂ්පාදනයෙනි.  කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අපනයන ආදායමෙන් 62% ක් ලැබෙන්නේ තේ වගාවෙනි.

කෘෂිකර්ම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොහොර හා කෘෂි රසායන තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන අතර අස්වැන්න අඩුවෙමින් පවතී.  එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනය ට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇත.  කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදනය තත්වය මේ වන විට පහත වැටී ඇතැයි ද තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්