බැටිකලෝ කැම්පස් රජයට පවරා ගැනීමට අවධානය

බැටිකලෝ කැම්පස් රජයට පවරා ගැනීමට අවධානය
Spread the love

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම ආයතනයට උපාධි පිරිනැමීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව යි.

බැටිකලෝ කැම්පස් ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින බවත්, ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ වත් දක්නට නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය වසර තුළ විශ්වවිද්‍යාල සඳහා 30,000 ක් බඳවා ගෙන තිබෙන අතර, මෙම වසරේ 41,500 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

බැටිකලෝ කැම්පස් ආයතනය සමබන්ධව විකල්ප 02 ක් පවතින බවත්, පළමු විකල්පය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මණ්ඩපයක් ලෙස එය පවත්වා ගෙන බවද ඔහු පැවසීය.

අනෙක් විකල්පය එම ආයතනය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යාම බවද හෙතෙම පෙන්වා දුන්නේය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට වෛද්‍ය සිසුන් 100 ක් බඳවා ගෙන තිබීම සුබවාදි බව පැවසූ අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලය සඳහා පහසුකම් ලබා දීම ඉතා වැඳගත් බවද සඳහන් කළේය .