බිත්තර මිල ඉහළට

බිත්තර මිල ඉහළට
Spread the love

බිත්තර සහ කුකුල් මස් ආනයනය සීමාවීමත් කුකුළු ගොවිපොළ ආශිත ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන මිල වැඩි වීමත් හේතුවෙන් බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ ගොස් ඇති බව කුකුළු ගොවිපොළ ආශිත නිෂ්පාදන සමාගම් පවසයි

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් පැවසුවේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට ඊයේ බිත්තර අළෙවි වූ බවයි.

පාලන මිල යටතේ රුපියල් 460 ක්ව පැවැති කුකුල් මස් කිලෝවක් පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට රුපියල් 660 ත් 710 ත් අතර මිලකට අළෙවි වන බව අප කළ නිරීක්ෂණයකදී පැහැදිලි විය.

දුඹුරු බිත්තරයක තොග මිල 6%කින් ද, සුදු බිත්තරයක මිල 4%කින් ද ඉහළ ගොස් ඇති අතර, ඒවායේ මිල පරාසයන් පිළිවෙලින් රු. 20-22 සහ රු. 18 – 20 අතර වාර්තා විය.

හම රහිත බ්‍රොයිලර් කුකුළු මස් සඳහා මිල කිලෝග්‍රෑම් එකකට රු. 21කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව කොළඹ ආශ්‍රිතව බ්‍රොයිලර් කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් අලෙවි කෙරෙන්නේ රු. 720-780 අතර මිලකට වන අතර සෙසු මස් වර්ගවල මිල ගණන් පහළ ගොස් තිබේ.