‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘
Spread the love

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 65 වැනි වියේ පසු වූ මංගල සමරවීර මහතා මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් සැලකෙනවා. 1994 මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත්‍රික්කය අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සමරවීර මහතා චන්ද්‍රිකා බණ්ඩාර නායක රජයේ, නාගරික සංවර්ධ, ජනමාධ්‍ය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක් හෙබවූවා.

2005දී මහින් ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ මංගල සමරවීර මහතා පසුව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තා.

2015 දී එක්සත් ජාතික පක්ෂය නායකත්වය දුන් මැතිවරණ ක්‍රියාවලිය තුළ කැපී පෙනෙන භූමිකාවක් ඉටුකළ මංගල සමරවීර මහතා යහපාලන ආණ්ඩු සමයේ විදේශ සහ මුදල් අමාත්‍යධුර හොබවනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂය බෙදී යාම සමග සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දුන් සමග ජන බලවේගයට එක් වූ මංගල සමරවීර මහතා 2019 මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් නමුත් පසුව එයින් ඉල්ලා අස්වී තාවකාලිකව දේශපාලනයෙන් සමුගත්තා.

මංගල සමරවීර මහතා දේශපාලනයේ සුවිශේෂ චරිතයක් වන්නේ ඒ මහතා සතු සංවිධාන ශක්තිය සහ සන්නිවේදන භූමිකාව නිසයි. ජනමාධ්‍ය සමග සමීපව කටයුතු කළ සමරවීර මහතා ‘දේශපාලනයේ මහත්මයෙකු වශයෙන් සැලකෙනවා.