ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නම් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයකට එළඹ ඇතැයි අපට වාර්තා වන අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සහෝදරයින් අතර පවතින ‘සිතල යුද්ධය’ කෙරෙහි අවධානය යොමුකරමින් මෙවැනි තීරණයකට එළඹ ඇතැයි පැවසේ.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා ‘වියත් මඟ’ සංවිධානය විසින් ද හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පැරණි වමේ නායකයින් විසින් ද හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් විසින් ද මේවනවිට වෙන වෙනම ප්‍රචාරක මෙහෙයුම් දියත්කර ඇත.
.
මේ අතර ප්‍රවීණ දේශපාලන විචාරකයකු පවසන්නේ, රාජපක්ෂ පවුලේ අවසාන තීන්දු ගැනෙන්නේ මහින්ද රාජපක්ෂගේ අභිමතය අනුව පමණක් බවයි.
ඒ අභිමතය අනුව නාමල්ගේ සුදුසුකම් මෝරා සම්පූර්ණ වන තෙක් මහින්දම දේශපාලනය කළ යුතු බව රාජපක්ෂ පවුලේ සමිපතමයකුව සිටි කුසල් පෙරේරා මහතාගේ අදහසයි.
බන්ඩාරණායක පවුල ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇද්දාක් මෙන් තමන්ගේ පවුලේ වෙනත් කෙනෙකුගේ කකුලෙන් අදින්නට අපේක්ෂකයෙකු නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඔහු පෙන්වාදෙයි.