මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට අවධාරණය කරන සුපිරි යෝජනාව

මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට අවධාරණය කරන සුපිරි යෝජනාව
Spread the love

වත්මන් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට සම්පූර්ණයෙන්ම වසා දැමීම කළ නොහැකි නම් “ලොකප්” හෙවත් පුද්ගල සංචරණය පාලනය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හා එය පාලනයට ගත හැකි මග පිළිබදව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණයෙන් කියා සිටියේ පුද්ගල සංචරණ ඉදිරි සති දෙකේදී හැකිතාක් සීමා කළ යුතු බවත් සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අසීරු බවත්ය.

‘‘වයිරසය බෝවිය හැකි සියලුම ස්ථාන වසා දැමිය යුතුයි. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව, අවමංගල්‍ය උත්සව කායවර්ධන මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගත යුතුයි. පුද්ගල සංචරණ මේ ආකාරයට සිදු වන්නේ නම් කොරෝනා පැතිරීම කිසිසේත් පාලනය කළ නොහැකියි. පළාත් සංචරණ සීමා පණවා ඇතත් පළාත් හැරෙන්නට මිනිසුන් සියලු දෙනා හිතුමතේ සංචරණය කරනවා. ඒ නිසා රජය සහ අදාළ ආයතන එකතුවී ඉදිරි සති දෙක තුළ දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතුයි. තම ආයතනවලට සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ ප්‍රධානීන් දැඩි අවධානය යොමු කර එම කැදවීම් සැලකිය යුතු ලෙස අඩු කළ යුතුයි.

සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අමාරු යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.