දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (02) නවදිල්ලි නුවරදී ඉන්දීයජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවිය.
ජාතික ආරක්ෂක උපදේශක දොවාල් මහතා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උණුසුම් ලෙස පිළිගෙන ඔහු සමඟ අතිශයින් සුහදකතාබහක නිරත වූ අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් ලේකම් එස් ආර් ආටිගල අමාත්‍යවරයා සමඟ මෙම හමුවටඑක්ව සිටියහ.
ශ්‍රී අජිත් කුමාර් දොවාල් ඉන්දියාවේ පස්වන ජාතික ආරක්ෂක උපදේශක වේ. ඔහු කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිලයක් දරයි.