‘විවාහය’ ගොඩනඟා ඇත්තේ ආදරය, කාලය සහ උත්සාහය මත යි. එය රෝසමල් ඇතිරූ මාර්ගයක් නොවිය හැකි නමුත් එය සැබවින්ම සුන්දර වන අතර අසීමිත වටිනාකම්වලින් යුතුයි.
විවාහ ජීවිතය තුළ ප්‍රීතිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට නම්, සෑම විටම ඉවසීමක් තිබිය යුතු අතර ඒ සඳහා සැලකිලිමත් වීම, කාලය හා වෑයම යෙදවිය යුතුයි.
අහිංසක යැයි සිතිය හැකි කුඩා අවස්ථා සහ පුරුදු ඔබ නොදැනුවත්ව ම විනාශකාරී විය හැකියි. සෞඛ්‍ය සම්පන්න පුරුදු යුවළක් ශක්තිමත් වීමට පමණක් නොව ඔවුන්ගේ සම්බන්ධතාවය දිගුකාලීන බැඳීමක් දක්වා වර්ධනය වීමට ද උපකාරී වේ. සන්නිවේදනයේ සිට එකිනෙකා ගැන සොයා බැලීම දක්වා සෞඛ්‍ය සම්පන්න පුරුදු ඔබේ සබඳතා තීරණය කිරීමට උපකාරී වේ.
විවාහය ශක්තිමත් හා සදාකාලික බවට පත් කර ගැනීම සඳහා යමෙකු සොයා බැලිය යුතු සෞඛ්‍ය සම්පන්න පුරුදු හතරක් මෙන්න.

සන්නිවේදනය – විවාහයක වැදගත්ම සාධකය සන්නිවේදනයයි. ඔබ දවස ගතකළ අයුරු, රැකියාවේදී සිදුවන දේවල් සහ ඔබේ මිතුරන්ගෙන් ඔබ ඇසූ කථා පිළිබඳ සියලු තොරතුරු බෙදාගැනීම අත්‍යවශ්‍ය වේ.
ඔබේ සහකරු සමඟ මිතුරු වීම වැදගත් වන අතර හොඳ සහ නරක යන සියලු අවස්ථාවන් ඔහු සමඟ කතා කිරීම ද වැදගත්ය.
ඔබව සතුටට පත් කරන හෝ ඔබව ආතතියට පත් කරන දේවල් පිළිබඳව කතා කිරීම, ඔබේ සහකරු කෙරෙහි විශ්වාසයක් ඇති කරවන අතර එය ඔබව සෞඛ්‍ය සම්පන්නව හා සතුටින් තබයි.

සමීපතාවයට වැදගත්කමක් දෙන්න – ශාරීරික හා චිත්තවේගීය සමීපතාව සඳහා ඔබට සහ සහකරුට අවශ්‍ය දේ සාකච්ඡා කිරීමට විවෘතව සිටින්න. ඔබේ සහකරුට අවශ්‍ය දේ සාකච්ඡා කිරීමට සහ එය වඩා හොඳින් තේරුම් ගැනීමට ඔබ ආරක්ෂිත ඉඩක් නිර්මාණය කිරීමට වග බලා ගන්න.
චිත්තවේගීය හා ශාරීරික වශයෙන් බැඳීමට ලිංගිකත්වය කදිම ක්‍රමයකි. එය ඔබේ සහකරු සමඟ සම්බන්ධ වීමට සහ ඔහු හොඳින් තේරුම් ගැනීමට උපකාරී වේ. සෑම කෙනෙකුටම වෙනස් අපේක්ෂාවන් සහ අත්දැකීම් තිබිය හැකිය. එබැවින් එය හොඳින් වටහා ගැනීම සහ එකිනෙකා සතුටට පත් කිරීම සැමවිටම වැදගත් වේ.

හොඳ සවන්දෙන්නෙකු වීම – ඕනෑම සම්බන්ධතාවයක සංවාදය ඉතා වැදගත් අංගයකි. කථා කිරීම තරමක් විනෝදජනක හා අත්‍යවශ්‍ය දෙයක් වන අතර ඔබේ සහකරු පවසන දේට සවන් දීමද අවශ්‍ය වේ.
ඔබේ සහකරුට අවංකව ඇහුම්කන් දීම ඔහුගේ ගැටළු වඩාත් හොඳින් තේරුම් ගැනීමට උපකාරී වේ. ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙකු නොවන විට ඔබේ සහකරුට හෝ සහකාරියට ඇගයීමක් හා වටිනාකමක් නැති බවක් දැනෙන බැවින් ඔවුන් ප්‍රකාශ කරන හෝ දැනෙන දෙයට බාධා නොකරන්න.

එකිනෙකාට ස්තූතිවන්ත වන්න – අගය නොකෙරේ යැයි හැඟීම බිය උපදවන අතර සම්බන්ධතාවයකට ඉතා නරක විය හැකිය. ඔබේ සහකරුට කෘතඥතාව දැක්වීම සැමවිටම වැදගත් වන අතර ඔබ සැබවින්ම ස්තූතිවන්ත වන බව ඔහුට හැඟේ.
මෙය නිතිපතා කිරීමෙන්, ඔහු ඉතා සතුටට පත්විය හැකි අතර ඔහුට ආදරය දැනෙනු ඇත. ඔහුට විශේෂ ආහාර වේලක් පිළියෙළ කිරීම, රාත්‍රී ආහාරය සඳහා පිටතට යාම වැනි කුඩා අභිනයන් විශාල වෙනසක් ඇති කළ හැකිය. එවැනි අවස්ථාවන් ආදරයෙන් හා ඉවසීමෙන් පිළිගැනීම ඔබේ සම්බන්ධතාවය පෝෂණය කිරීමට උපකාරී වේ.
Text by – FEMINA – BY Thushadhavi