රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්න ගන්න යන නව පියවර

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්න ගන්න යන නව පියවර
Spread the love

සමස්ථ රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ ශ්‍රේණිගත කිරීමට නිර්දේශයක් ලෙස 2025 අයවැයට ඇතුලත් කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

කැබිනට්  ප්‍රකාශකවරයා බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

දැනට වැටුප් විෂමතා ඇති වීමට හේතුවී ඇති රාජ්‍ය සේවයේ විවිධ ශ්‍රේණීන් 30කට අධික ප්‍රමාණයක් පවතින බවද, එම විවිධ ශ්‍රේණි සියල්ලම ශ්‍රේණි 04කට අඩුකිරීමට මෙම යෝජනාව මගින් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ අනූව රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ වර්ගීකරණය කර එක් එක් කාණ්ඩය සඳහා බඳවාගැනීමේ සුදුසුකම් නියම කරන බවද ඒ අනුව රැකියා පිළිවිතර සහ රැකියා විස්තර වෙනස් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.