මෙරට ඔක්සිජන් සමාගම් කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන්වලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනය සඳහා ලබාගැනීමටද එම සමාගම් සමග සාකච්ඡා කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රෝහල්වල ඔක්සිජන්වලින් සියයට 25ක් පමණ අපතේ යන බව සොයා ගෙන ඇති බවයි.
රෝහල්වල ඔක්සිජන් අපතේ යෑම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රෝහල් ප්‍රධානීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
‘ඔක්සිජන් සමාගම්වල ගබඩාවල ඔක්සිජන්වලින් ප්‍රමාණයක් ගැනීමට අපි කටයුතු කරනවා. එසේම ඔක්සිජන් ටැංකි 12ක් ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් මිලදී ගැනීමටද ඇනවුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවයි.