ලංකාවේ විවාහ වීම් 750,000ක් සිදුනොවීමෙන් ‘දරු උපත් 250,000ක් අහිමි වෙලා‘

ලංකාවේ විවාහ වීම් 750,000ක් සිදුනොවීමෙන් ‘දරු උපත් 250,000ක් අහිමි වෙලා‘
Spread the love

COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව වේගයෙන් පහළ යමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් 350,000 ක් පමණ සිදුවන නමුත් පසුගිය වසර දෙක තුළ කිසිදු විවාහයක් සිදු නොවූ හෙයින්, දරු උපත් සංඛ්‍යාව ද 100,000 දක්වා විශාල ලෙස පහත බැස ඇති බව අමාත්‍යවරයා හෙළිකළා.

COVID වසංගතය, ගර්භනී කාන්තාවන් තුළ COVID ආසාදන සහ ඔවුන්ගේ මරණ මෙසේ දරු ප්‍රසූතිය අඩුවීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් විවාහ උත්සව පැවැත්වීම අඩුවීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

“COVID-19 වසංගතය සහ රජය විසින් පනවා ඇති සීමාවන් හේතුවෙන් පසුගිය දෙවසර තුළ විවාහ උත්සව 750,000 ක් සිදුවී නැහැ. රටේ ජනගහන වර්ධනය සලකා බැලීමේදී මෙය අනාගතයට ප්‍රශ්නයක් වේවි” රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

“කොරෝනා වසංගතයෙන් පුද්ගලයින් 3,600 ක් පමණ මියගොස් තිබෙන අතර නූපන් දරුවන් 350,000 කට පමණ එම අවස්ථාව අහිමි වී තිබෙනවා‘

මෙම ගැටලුවේ ප්‍රතිවිපාක 2025 සහ 2026 යන වසර වලදී රට මුහුණ දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.