ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප‍්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප‍්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප‍්‍රකාශන, පර්යේෂණවල ප‍්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත.
මෙම ලැයිස්තුවට ශ‍්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි. පේරාදෙනිය (6, කැලණිය (5, කොළඹ (4, ශ‍්‍රී ජයවර්ධනපුර (3, රජරට (2, යාපනය (1, වයඹ (1* ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක්ද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය ( IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ අතරට එක්ව ඇත.
රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ‍්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වේ. නිමල් සේනානායක, ජනක ද සිල්වා, එස්.ඒ.එම්. කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත‍්‍රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත්වීම ද විශේෂත්වයකි.