කොවිඩ් 19 වෛරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීම සදහාත් ආර්ථිකය ශක්තිමත් කිරීම සදහාත් ලෝක බැංකුව විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 1.9ක මූල්‍යාධාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ (2) සිය අනුමැතිය මෙම ව්‍යාපෘතිය සදහා ලබාදී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ යටතේ පාකිස්තානයට ඩොලර් මිලියන 200ක්, ඇෆ්ගනිස්තානයට ඩොලර් මිලියන 100ක්, මාලදිවයිනට ඩොලර් මිලියන 7.3ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියනයක් ලබාදීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වෙමින් තිබෙන අතර එයින් බැටකන රටවලට සහාය දීම සඳහායි ලෝක බැංකුව විසින් මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වන මෙම මූල්‍ය සහන වැඩපිළිවෙළ මගින් රටවල් 25කට සහන සැලසෙන බව සදහන්.
මෙම ආධාර මුදල් මගින් කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරිම, වෛද්‍ය පරීක්ෂණ වැඩි දියුණු කිරිම, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම, රෝහල් වාට්ටු ඉදිකිරිම්, වෛද්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, සනීපාරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම වැනි කටයුතු සඳහා යෙදවීමට උපදෙස් ලබාදී ඇත.
කොරෝනා අර්බුදයෙන් බැටකන සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම සදහා තව ව්‍යපෘති ගණනාවක් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බවත් මුල් අදියර යටතේ වේගවත් ක්‍රියාමාර්ග මඟින් රටවල් 40කට සහන සලසන බවත් ලෝක බැංකුව වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.
ලෝක බැංකුව විසින් ආධාර ලබාදීමට අනුමැතිය හිමිවූ රටවල් –

