වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ- රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
Spread the love

වාහන ආනයනය කිරීමට සීමා පනවා ඇතත්, වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නැතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

විවිධ කණ්ඩායම් මෙම අමතර කොටස් අසීමිත මිල ගණන් යටතේ අලෙවි කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රුපියලේ වටිනාකම ස්ථාවර වූ වහාම වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට හැකි වනු ඇතැයිදඅමාත්‍යවරයා කීය.

වෙළෙඳපොළ වාහන අමතර කොටසක් හිගයක් පැවතීම සහ කුඩා වාහන වල පවා විශාල වශයෙන් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

වාහන එකලස් කිරීමේ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ අරඹා ඇති බවත් ඒ සඳහා බදු සහන ලබාදෙමින් අවශ්‍ය දිරිගැන්වීම් කිරීමට රජය කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.