විදුලි බිලට වැට් බලපෑමක් නෑ..! අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනයට පියවර..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

විදුලි බිලට වැට් බලපෑමක් නෑ..! අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනයට පියවර..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!
Spread the love

ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී  ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙන බවද පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදන වලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා කීය.

ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.