විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ
Spread the love

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ.

ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ  ශ්‍රමිකයන්ට  බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යන රටවල් රැසක්ම  පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්  සමග  පැවති සාකච්ඡාවක දී එකඟතාවය පළ කෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ පූර්ණ සහයෝගය ඇතිව අද දින යුද හමුදා රෝහලේ දී මෙම එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කෙරිණ.

අද  දින එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර අද සිට දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.විදේශ රැකියා සඳහා රැකියා  බලපත්‍ර  ලැබූ  සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත  ලබා ගත හැක. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ

www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැක.

අද මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණයට කම්කර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශ සේවා නියුක්ති  කාර්යංශයේ  සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා  යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බ්‍රිගේඩියර් චන්දික අත්තනායක මහතා ද ජූඩ් ප්‍රනාන්දු මහතාද   එක්වූහ .මෙම එන්නත් ලබාදීමේ කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සිදු කෙරෙන අතර ඒ අනුව විදේශ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8000කට පමණ එම එන්නත ලබාදීමට ලබාදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.