ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කරන ඔක්තෝම්බර් මාසය දක්වා තම විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ප්‍රමාද කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණයෙන් ඉල්ලා සිටියේ හදිසි අවශ්‍යතාවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙසය.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීම තුළින් ගෝලීය විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නැංවීමට හැකිවනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
වැඩි දියුණු කළ ආරක්ෂක විධිවිධාන ඇතුළත් නව විද්‍යුත් ගමන් බලපත්‍රය මේ වසරේ ඔක්තෝබර් මස අවසන් වන විට නිකුත් කෙරෙනු ඇති අතර එය රටේ විදේශ ගමන් බලපත්‍ර දර්ශක ශ්‍රේණිගත කිරීම සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ 193 වැනි ස්ථානයේ පසුවන නමුත් විද්‍යුත් ගමන් බලපත්‍රය නිකුත් කිරීම සමග ශ්‍රේණිගත කිරීම 50 ට වඩා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
“නව විදේශ ගමන් බලපත්‍රයේ හිමිකරුගේ සියලු තොරතුරු ආරක්ෂිතව ගබඩා කරන මයික්‍රොචිපයක් ඇතුළත් වන අතර, ලොව පුරා ඕනෑම ගුවන් තොටුපළකින් පහසුවෙන් ලබා ගත හැකියි. ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ වර්තමාන විදේශ ගමන් බලපත්‍රය සමඟ මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මම පුද්ගලිකව දන්නවා. කෙසේ වෙතත්, නව විද්‍යුත් ගමන් බලපත්‍රය සමඟ, ගුවන් තොටුපළ පරීක්ෂා කිරීමේදී අපේ රටේ මිනිසුන්ට තවදුරටත් එවැනි ගැටලු ඇති නොවන බව සහතිකයි ”ඇමැතිවරයා පැවසීය.
මීට පෙර නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍රවලින් සත්‍ය වශයෙන්ම භාවිත කර ඇත්තේ සියයට 23ක් පමණක් බවත් ඉතිරිය ආරක්ෂාව සඳහා ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය. මේ වන විට දෙපාර්තමේන්තුව හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,000ක් නිකුත් කරමින් සිටින අතර ක්ෂණික ගමන් අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.