විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට
Spread the love

සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය.

මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමි වීම මෙහිදී සිදුවිය.

මෙම පනත් කෙටුම්පත් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කොට තිබේ. විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකොට නොතිබුණි. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.

මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය 11 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.