විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්: එන්නත මාත්‍රා දෙකම අරන් !

විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්: එන්නත මාත්‍රා දෙකම අරන් !
Spread the love

තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියයි.

ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ජයරුවන් බණ්ඩාර මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව ද පැවසීය.

ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ තමා ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිශක්තිකරණ එන්නතත සහ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ප්‍රතිශක්තිකරණ එන්නත  ලබාගත් බවයි.

තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාළ වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඒ මහතා කියා සිටියේය.

මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (29) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් සදහන් කර ඇත්තේ අද (29) දින කොවිඩ් ආසාදිතයින් 2329 දෙනකු හදුනා ගත් බවයි.

මේ අතර අද (29) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව ඊයේ (28) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මරණ 66ක් සිදුව ඇත.