ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට – අක්ෂි වෛද්‍ය සංගමය

ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට – අක්ෂි වෛද්‍ය සංගමය
Spread the love

කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය (CECOA) පවසයි.

අද (03) කොළඹදී මාධ්‍ය හමුවකදී CECOA නිර්මාතෘ සහ අක්ෂි රෝග විශේෂඥ නරේෂ් ප්‍රධාන් කියා සිටියේ තමන් විසින් 2013 සහ 2015 වසරවල සිදුකළ පරීක්ෂණයක් අනුව ‍මෙරට ජනගහනයෙන් 1.1%ක් දෘෂ්‍යාබාධිත බව අනාවරණය වූ බවයි.

“ඉන්දියාවේ 0.47%ක් සහ නේපාලයේ 0.34%ක් අන්ධභාවයක් වාර්තා වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ එය වැඩියි. අක්ෂි සායනවලට යන බොහෝ දෙනෙකුගේ පෙනීම 80%ක් දක්වා අඩුවෙලා ”ඔහු පැවසීය.

වසංගතය නිසා බොහෝ අය තම කාලය ගත කළේ තම දුරකථනවල සහ පරිගණක ඉදිරිපිටයි. බොහෝ දරුවන්ට ඔන්ලයින් වේදිකා භාවිතා කරමින් අඛණ්ඩව පැය පහකට වැඩි කාලයක් තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිදු වූ බව ප්‍රධාන් මහතා පැවසීය.

මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මෙය විශාල අවදානමක් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.