සංචරණ සීමා ගැන විරෝධය පළ කරමින් යුධ හමුදාපතිට බරටම දුරකථන ඇමතුම්

සංචරණ සීමා ගැන විරෝධය පළ කරමින් යුධ හමුදාපතිට බරටම දුරකථන ඇමතුම්
Spread the love

එදිනෙදා ජීවනෝපාය කරගෙන මහත් අපහසුවෙන් ජීවත් වන ජනතාවගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් රජයට ඇතත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව සති අන්ත දින කිහිපයක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියනවා.

නව සංචරණ සීමා පැනවීම සහ එහි ප්‍රවණතා ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේ එදිනෙදා ජීවනෝපාය කරගෙන මහත් අපහසුවෙන් ජීවත් වන විශාල පිරිසක් රට වසා දැමීමට පියවර ගැනීම ගැන දුරකථනයෙන් තමා අමතා දැඩි විරෝධය පළ කළ බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කළ යුධ හමුදාපතිවරයා ‘එදිනෙදා ජීවනෝපාය කරගෙන අසීරුවෙන් ජීවත් වන ජනතාව ඒ ආකාරයෙන් සිතීම ගැන අප පුදුම වන්නේ නැහැ. ඔවුන්ට මේ සීමා කිරීම් අසීරු බව ඇත්ත. ඒත් රජය විසින් පනවනු ලැබූ සංචරණ සීමා නීතිවලට ජනතාව ඉතා හොඳින් අවනතව කටයුතු කරන තත්වයක් පෙනෙන්නට තිබෙනවා. මම ඒ සම්බන්ධයෙන් පොදුවේ සියලු ජනතාවට ස්තුතිය පුද කරනවා. මෙහිදී මා කියන්නේ අප සියලු දෙනා එක්ව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කොරෝනා වසංගතය පාලනය කිරීම කිසිසේත්ම අසීරු නැහැ‘‘