ඊයේ (08) වෙඩි තබා ඝාතනය කරන ලද ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, 2022 නොවැම්බර් 18 වන දින ලංකාදීප යූ ටියුබ් නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක කතා කිහිපයක් කළේය. එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත දැක්වේ.
ප්රශ්නය – ‘ක්ලබ් වසන්ත‘ කියන නම ඔබට ආපු හැටි පැහැදිලි කරන්න පුළුවන්ද?
වසන්ත – මුලදී මම තරු පහේ හෝටල්වල පටන් ගත්තු සමාජ ශාලා එකක් දෙකක් කළමනාකරණය කළා. කාලයාගේ ඇවෑමෙන්, හෝටල්වලින් පිටත සමාජ ශාලා ඇති කිරීමට ප්‍රවණතාවක් ඇති කළ පළමු පුද්ගලයා මමයි. මම අවසානයේ සමාජ ශාලා 19ක් දක්වා මගේ ව්‍යාපාරය පුළුල් කළා. අවශ්‍ය බලපත්‍ර සහිතව වෙනත් අයට නීත්‍යානුකූලව ක්‍රියා කළ හැකි බව සහතික කිරීමට මම බලධාරීන් සමඟ ද කටයුතු කළා. එය අභියෝගාත්මක වුණා. මට බොහෝ බාධකවලට මුහුණ දීමට සිදු වුණා.
ප්රශ්නය – සමාජ ශාලා සම්බන්ධයෙන් ගත් කල, ඒවා දැන් ක්‍රියාත්මක වන්නේ රෙගුලාසිවලට අනුවයි. ප්‍රශ්නයක් නම් බවුන්සර්ලා / bouncers ඉන්නවා. සාමාන්‍යයෙන් කෙනෙකුට සමාජ ශාලාවකට ඇතුළු වීම අපහසුයි. ඉස්සර සමාජ ශාලාවක් කිව්වම රණ්ඩු වෙනවා. මුල් කාලයේ දේශපාලකයන් සම්බන්ධ තවත් කනස්සල්ලක් තිබුණා. දේශපාලනඥයකුගේ පුත්‍රයකු පැමිණියහොත් ඔහු වටා බොහෝ පිරිසක් එක්රොක් වෙනවා. ඔබ එම තත්ත්වයන් කළමනාකරණය කළේ කෙසේද?
වසන්ත: ඒ තත්ත්වයන් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැමෝම මාව දන්නවා. අනිත් ක්ලබ් වල ප්‍රශ්න තිබුණට අපේ ක්ලබ් වල කවුරුවත් කරදර කළේ නෑ. කාලා බීලා සතුටින් කාලය ගත කරලා බිල් ගෙවනවා.ෙ
ප්රශ්නය – ඔබ දැන් සමාජ ශාලාවල කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරලා. ඒ ඔබේ දරුවාගේ විවාහ උත්සවය නිසාද?එ
පිළිතුර – මම යම් යම් විරෝධතාවලට මුහුණ දුන්නා. නමුත් වඩා වැදගත් දෙය නම්, පවතින පරිසරය අනුව සමාජය පවත්වා ගෙන යාම තේරුමක් නැති දෙයක් බව මට හැඟුණා. සංචාරක කර්මාන්තය දියුණු වුණේ නැහැ. කෙසේ වෙතත්, නැවත වරක් සමාජ ශාලා ප්‍රවර්ධනය කිරීමට රජය මාව උන්නදු කරනවා. මමත් ඒකට උනන්දු වෙනවා. ජනාධිපතිතුමාගේ අනුදැනුම ඇතිව, නිසි රෙගුලාසිවලට අනුව මේ කටයුතු සිදු කළ හැකි නම් නැවත එම කාර්යයට යොමු වීම ගැන සලකා බලනවා.
ප්රශ්නය: ඔබ අනෙක් අය මෙන් නොව නීත්‍යානුකූලව ඔබේ කටයුතු කරගෙන යාමට සහ ආදායම් බදු ගෙවීමට ප්‍රසිද්ධයි. නීත්‍යානුකූලභාවයට ප්‍රමුඛත්වය දීමට ඔබව පෙලඹවූයේ කුමක්ද?
වසන්ත: එහෙම නැත්නම් මට අනිත් අයට වැඳ වැටෙන්න වෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් සියයට 60කට වඩා මගේ යාළුවෝ.
ප්රශ්නය – ඔබ රාජපක්ෂලාට සමීප බව රහසක් නොවේ. රාජපක්ෂලා සහ මිනිසුන් අතර ඇති වී තිබෙන වෛරය හමුවේ ඔවුන් සමඟ ඇති මිත්‍රත්වය දුරස් කළ යුතු යැයි ඔබ කවදා හෝ සිතුවාද?
වසන්ත – නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ මගේ මිත්‍රත්වය වසර ගණනාවක් පුරා දිවෙන අතර ඔහුගේ දරුවන් සමඟද දිගටම පවතිනවා. ඔහු මහත්මයෙක්. අපි කවදාවත් අපේ මිත්‍රත්වය පවත්වා ගැනීම ගැන පමණක් අවධානය යොමු කරමින් දේශපාලනය ගැන සාකච්ඡා කර නැහැ.
ප්රශ්නය: ඩුබායි ජීවිතේ කොහොමද?
වසන්ත: එය ඇත්තෙන්ම විනෝදජනක සහ සාමකාමී දෙයක්. මමත් එහි ආයෝජනය කර තිබෙනවා.
ප්රශ්නය : ඔබට අනුව ශ්‍රී ලංකාව පොරබදමින් සිටින ලොකුම ප්රශ්නය කුමක්ද?
වසන්ත : ඒ වෙන මොකවත් නෙවෙයි මිනිස්සුයි දේශපාලකයොයි දෙන්නම මෝඩයි.
ප්රශ්නය: ඔබ ලංකාවට ඇවිත් වාහනයක් පාවිච්චි කරනවා. ඒ වාහනය ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ එකක් නේද?
වසන්ත: ඒක ඇත්ත.
ප්රශ්නය: ඒකේ මොනවද අඩුවකට තියෙන්නේ?
වසන්ත: ඒකේ වැසිකිළියක් නැහැ.
ප්රශ්නය : අනෙක් සියල්ල තිබෙනවාද ?
වසන්ත: ඔව්. මෙම මෝටර් රථය තායිලන්තයෙන් සහ ජර්මනියෙන් ආනයනය කරන ලද කොටස් වලින් මෙහි නිපද වූ එකක්. ඔවුන් වැසිකිළියක් ද ඇතුළු තවත් වාහනයක් නිර්මාණය කිරීමට යන අතර එය ඩුබායි හි නිෂ්පාදනය කරමින් තිබෙනවා.
ප්රශ්නය – විවිධ ක්ෂේත්රවල විවිධ පුද්ගලයන් අපට හමුවෙනවා. ඒ ක්ෂේත්රවල ඔබෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන අය ඉන්නවාද?
වසන්ත : ඇත්තටම නැහැ. මම ඕනෑම කෙනෙක් සමඟ හොඳ කාලයක් ගත කිරීමට විවෘතයි.
ප්රශ්නය:- ඔබගෙන් හොරකම් කරන්න එන අය ඉන්නවද ? ඔබට ඒවා හඳුනාගත හැකිද ?
වසන්ත: ප්රත්යක්ෂ වූ චේතනාවන් ඇතිව යමෙක් පැමිණියහොත් ඔවුන් තමන්ම හෙළි කරනවා. මම හැකි පමණින් උදව් කිරීමට උත්සාහ කරනවා.
ප්රශ්නය: පුද්ගලයෙකු ඔබේ මිතුරෙකු ලෙස සැලකීමට ඔබ අපේක්ෂා කරන ගුණාංග මොනවාද?
වසන්ත: මම සොයන්නේ තම පවුලට මුල්තැන දෙන යහපත් ගතිගුණ ඇති අයයි. අපට අගෞරව කළ හැකි අය ඇතුළුව කෙනෙකුගේ සැබෑ ස්වභාවය මට ඉක්මනින් තක්සේරු කළ හැකියි. ජීවිතයේ දී, කිසිම යටි අරමුණකින් තොරව මට හරි යැයි හැඟෙන දේ කිරීමට මම කැමතියි.
ප්රශ්නය – ඔබ බොහෝ දෙනෙකුට උදව් කරන්න ප්‍රසිද්ධයි. යමෙකුට උදව් කිරීම ගැන ඔබ කවදා හෝ පසුතැවිලි වී තිබෙනවාද ?
වසන්ත : ඒක වෙලා තියෙනවා. මම එය ආවර්ජනය කරනවා. දන්නවනේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. ඔවුන් නැවත උදව් ඉල්ලුවොත්, මම තවමත් ඔවුන්ට උදව් කරනවා.
ප්රශ්නය:- සල්ලි ඔක්කොම නැතිවෙලා හැමෝම නැතිවෙලා අසරණ වුණොත් ඔබ මුලින්ම විශ්වාස කරන්නේ කාටද?
වසන්ත:- මගේ ප්‍රවේශය නම් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි. මම මගේ දරුවන් මත පවා රඳා සිටින්නේ නැහැ. මම එකතු කරගත් දේපළ ධනයෙන් ස්වාධීනව ජීවත් වෙනවා. මමයි මගේ බිරිඳයි දරුවන් මත යැපෙන්නේ නැතිව වෙනම ජීවත් වෙන්න සැලසුම් කරලා තියෙනවා.
ප්රශ්නය:- ඔබ සිතන්නේ ශ්‍රී ලංකාවේ කුමක් සිදුවිය යුතුද?
වසන්ත: දූෂණය වැළැක්වීමට දැඩි නීති තිබිය යුතුයි. පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ අවංක පුද්ගලයන්ගෙන්. අනුන්ව හම්බවෙන්න විතරක් පාර්ලිමේන්තුවට එන එක හරි නැහැ. පාර්ලිමේන්තුවේ සිටින අය ජනතාව වෙනුවෙන් ජනතා සේවයට කැපවිය යුතුයි.
ප්රශ්නය – ශ්‍රී ලංකාව අතහැර ඩුබායි වෙත යාමට ඔබව පෙළඹවූයේ කුමක්ද?
වසන්ත : මම හරියටම ලංකාවෙන් ගියේ නැහැ, නමුත් මම මෙහෙත් බිස්නස් කරනවා. මම මෙහි නව ව්‍යාපාර ආරම්භ කළා. මගේ දරුවන් වෙනත් රටවල ජීවත් වන අතර ඔවුන් එහි ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් ඊටත් වඩා රටවල් කරා ගමන් කිරීමට ඉඩ තිබෙනවා. ඔවුන් හොඳින් ඉගෙන ගෙන තිබෙනවා. නමුත් මෙහි ජීවත් වීමට කැමති නැහැ. මම ඩුබායිවලට ගියේ එහෙ තියෙන අවස්ථා නිසා.
සම්පූර්ණ උපුටා ගැනීම – ඩේලි මිරර්,