සෞඛ්‍ය අමාත්‍යාංශයේෙ තැන් දෙකකින් නිකුත් කරන ආසාදිතයින් ගැන දත්ත පරස්පරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේෙ තැන් දෙකකින් නිකුත් කරන ආසාදිතයින් ගැන දත්ත පරස්පරයි
Spread the love

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් (6000) පමණ, වසංගත අංශයට හඳුනා ගැනීමට නොහැකිවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

පසුගිය 12 වැනිදා එම සංගමය විසින් සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු හෙළිවිය.

එහිදී වැඩි දුරටත් කරුණු හෙළි කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයින්  ප්‍රමාණය ගැන  සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැන් දෙකකින් නිකුත් වන  සංඛ්‍යා ලේඛන  පරස්පර බවයි.

කුමුදේශ් මහතා මෙසේ ද සදහන් කළේය.

මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයින්  ප්‍රමාණය ගැන   සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැන් දෙකකින් නිකුත් වන  සංඛ්‍යා ලේඛන  පරස්පරයි. 2021.02. 11 දින, වසංගත රෝග අංශය නිල නිවේදන වලට අනූව, දැනට හදුනාගෙන ඇති අසාධිතයින්  සංඛ්‍යාව 73, 116 කි. රසායනාගාර සේවාවේ වාර්ථාවලට අනුව, පළමු වරට තහවුරු කරන ලද  ආසාදිතයන්ගේ සංඛ්‍යාව 77, 775 ක්. ඒ අනුව ඊයේ (11) දවස වනවිට පමණක් රෝගීන් 4659ක් ආගිය අතක් නැහැ.

️රසායනාගාර සේවාවේ දත්තයන්ට අනුව 2021.02.11 වෙනි දිනට නිදර්ශක 19,12,000ක් පමණ ලැබී තිබෙනවා. නමුත් ප්‍රතිඵලය අතට ලැබුණු රෝගීන් ගණන 18,96,000 පමණ වෙනවා. නිදර්ශක ලබාදී, තවදුරටත් පරීක්ෂණ වාර්තාවක් අපේක්ෂාවෙන් සිටින සංඛ්‍යාව සංඛ්‍යාව 15,000කට වැඩියි. නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හැර, වෙනත් කිසිදු රසායනාගාරයක, පැය විසි හතරකට වඩා ප්‍රමාදවූ නිදර්ශක නැහැ.