‘ෆයිසර් එන්නත: ජනපති ගෝඨාභයට යළිත් වැරදුණාද ?

‘ෆයිසර් එන්නත: ජනපති ගෝඨාභයට යළිත් වැරදුණාද ?
Spread the love

‘ෆයිසර් එන්නත ලබා ගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව‘ යනුවෙන් අද (05) දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිනුමේ පණිවුඩයක සදහන් වූ පුවත ‘සාවද්‍ය‘ බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේ සදහන් වේ. ‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ට්විටර් ගිණුමේ ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලබාගත් පළමු රට ශ්‍රී ලංකාව නොවේ. යුනිසෙෆ් සංවිධානයට අනුව මාලදිවයිනේ මහජනතාවට ලබා දුන් COVAX පහසුකම හරහා මාර්තු 25 වන දින මාලදිවයිනට ෆයිසර් එන්නත මාත්‍රා 5,850 ක් ලැබුණි. මෙමඟින් දකුණු ආසියාවේ ෆයිසර් ලබාගත් පළමු රට මාලදිවයින බවට පත්වේ.  මැයි 31 වන දින දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලබාගත් දෙවන රට බවට බංග්ලාදේශය පත්විය. ෆයිසර් ලබාගත් දකුණු ආසියාවේ තුන්වන රට ශ්‍රී ලංකාවයි. ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමට නිකුත් කළ ට්වීට් එක මඳ වේලාවකට පෙර මකා දමා ඇත. (ජමිලා හුසේන්)