ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවයි. එහිදී, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම ඉදිරිපත් කරන යෝජනා 3 සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප‍්‍රකාශ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉවත් කළ යුතු බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ බහුතරයකගේ විශ්වාසය දිනා ගත හැකි අයෙකු අග‍්‍රාමාත්‍යධූරයට පත් කිරීම තවත් යෝජනාවක්. එසේ නොමැතිනම් බහුතරය පෙන්වා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමටයි යෝජනා කර ඇත්තේ.
එම යෝජනා කෙරෙහි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට ජනාධිපතිවරයා එහිදී එකඟ වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.