ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම හමුව පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ කොළඹ පිහිටි නිවසේදීයි.
අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කිරීම සම්බන්ධතයන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා සහ දයාසිරි ජයසේකර මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,දුෂ්මන්ත මිත්‍රපාල හා තාරානාත් බස්නායක ද රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායකද සහභාගී වී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා යටතේ ජාතික ආණ්ඩුව තුළ රැඳී සිටිමින් තවදුරටත් කටයුතු කිරීම සුදුසු නොවන බවයි ඊට සම්බන්ධ වූ පිරිස පවසා ඇත්තේ.
ඉදිරියේදී ද තවත් මැතිවරණ වලට මුහුණ දීමට සිදු වන බැවින් අග්‍රාමාත්‍යධුරය වෙනස් කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.
ඊට අදාළ තීන්දු තීරණද මෙම හමුවේදී ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.