අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම… චන්ද්‍රිකා බලයට ගෙනඒමේ කූට උපාය
පසුගිය සිකුරාදා දින මාතර සිදුවූ සිද්ධිය හා සමගාමීව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අනතුරකට ලක් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කලේය. එනම් ට්විටර් පණිවුඩක් හරහා පොලිසිය විසින් සිදුකල එම ක්‍රියාව හෙලා දැක වත්මන් ආණ්ඩුව විවේචනය කලේය.
” මෙය යහපාලනය නොව යමපාලනය “
යනුවෙන් මංගල ට්විටර් පණිවුඩය හරහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය ඉදිරියේ හඳුන්වාදීමට කටයුතු කරන ලදී. එය ජාත්‍යන්තර වශයෙන් මෙය ශ්‍රී ලංකාවට ප්‍රබල හානියකි. රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් වශයෙන් මෙය හෙලා දැකීම හරහා ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවයදැයි සක්සුදක් සේ පැහැදිලිය. සැබැවින්ම ඔහුට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව පාවාදීමට අවශ්‍යව ඇත. එයට හේතුව වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමාජය ඉදිරියේ නින්දාවට ලක්කර ආණ්ඩු බලය ඩැහැගැනීමට සහ චන්ද්‍රිකාගේ බලය සහිත රජයක් පත්කර ගැනීමට මංගලට උවමනාය.
කවුද මේ පසුපස ඉන්න කණ්ඩායම ?
එදා පටන්, එනම්, මහින්ද රාජපක්ෂ රජය පෙරළීමට කටයුතු කල රාජ්‍ය නොවන සංවිධාන (NGO) අතකොලු සියල්ල මේ සමග ඇත. කවුද මේ පුද්ගලයින්?
* ක්‍රිශාන්ත කුරේ
* සාලිය පීරිස්
* නිතීඥ නිලන්ති පීරිස්
* මනෝ තිත්තවැල්ල
* තිලාන් විජේසිංහ
කොහොමද මේ සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ?
මෙහි මූලික සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ඇමති මංගල සමරවීර අතිනි. එනම්, රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකු වශයෙන් රජයේ ක්‍රියා ජාත්‍යන්තරය හමුවේ සහ දැනගැනීම පිණිස විවේචනය කිරීමයි. සන්ධ්‍යා එක්නැලිගොඩ කරළියට ගෙන එන්නේද මංගල සමරවීර විසිනි. මාතර පොලිස් සිද්ධිය හරහා කොල්ලකරු හට වෙඩි තැබීම මංගල විවේචනය කරන්නේ සැලසුම් සහගතවය. මෙහි නීති උපදේශිකාව වන්නේ මංගලගේ පෞද්ගලික නීතිඥ නිලන්ති පීරිස් විසිනි. පොලිසිය විසින් සැලසුමකින් තොරව සිදුකල කාර්ය නිසාම මංගලගේ අවශ්‍යතාව ඒ අයුරින්ම ඉටු විය. එම නිසා මාතර සිද්ධිය හරහා මංගල ඩයස්පෝරාවටත් ජාත්‍යන්තරයටත් ශ්‍රී ලංකාවට දැලක් එලීමට තවත් උත්තේජනයක් ලබාදෙන ලදී.
මංගල සමරවීර විසින් රජය අපහසුතාවයට ලක් කරන තවත් කාර්යකට අතගසා ඇත. එනම් රැකියා ලබාදීමේදී රාජ්‍ය කලමණාකරන දෙපාර්තමේන්තුව (DMS) හරහා අනුමැතිය ගෙන රැකියා ලබාදෙන ලෙස සංස්ථා සභාපතිවරුන්ට නියෝග කිරීමයි. මේ සඳහා හදිසි සංස්ථා සභාපති රැස්වීමක් ජුලි මස 05 දින ඇමති මංගල විසින් කැඳවා ඇත. මෙහිදී සංස්ථා සභාපතිවරුන්ට නියෝගයක් ලබාදීමට මංගල සූදානම්ය. එනම් උදාහරණයක් වශයෙන් කම්කරු රැකියාවට බඳවා ගන්නවාද , උපරිම සුදුසුකම් ලත් සහතික ලබාගත යුතු අතර, එය රාජ්‍ය කලමණාකරණ දෙපාර්තමේතුව හරහා අනුමැතිය ගෙන රැකියාව ලබාදිය යුතු බවයි.
බැලූ බැල්මට මෙය සුදුසුම් ලත් වඩාත් උගත් රාජ්‍ය සේවයක් ඉටු කිරීම පිණිස මෙන් පෙනුනද එහි අභ්‍යන්තරය එය නොවේ. රැකියා අපේක්ෂකයන් බලවත් අපහසුතාවයට ලක්කර ඔවුන් රජය කෙරෙහි පිලිකුලක් ඇති කිරීම බව වැටහේ. මේ හරහා එජාපයද, ශ්‍රීලනිපයද දෙකට බෙදී මංගලගේ සහ චන්ද්‍රිකාගේ අල්ලේ නටන ආණ්ඩුවක් බවට පත්කර දෙමළ ඩයස්පොරාවේ බලපොරොත්තු සපල කිරීමකි. මෙය කියවන ආණ්ඩු විරෝධීන් හට විනෝදජනක දෙයක් වුවද, ඉන් පසුව ඇතිවන අභ්‍යන්තර පිපිරීම ඉතාමත් භයානකය. දමිල ඩයස්පෝරාවේ අණ අනුව සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විධානයන් අනුව මේ රට තුල යුධ අපරාධ පිළිබඳව කතාව නැවත කරළියට පැමිණෙනු ඇත.
මේ හරහා මංගල බලාපොරොත්තු වන දේ .
මංගල සමරවීර හට මේ වන විට අවශ්‍යව ඇත්තේ අගමැති පුටුවට පැන ගැනීමයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්කොට අගමැති බලතල මංගල අතට ගෙන මංගලට හිතවත් පාලන තන්ත්‍රයක් පත්කර ගැනීමයි. මෙය ඉතාමත් දරුණු අවදානම් තත්වයකි. දමිල ඩයස්පෝරාව මුලු රාජ්‍ය තන්ත්‍රය පුරාවට පිළිලයක් සේ ගමන් කරනවා ඇත. පාර්ලිමේන්තුව තුල ඒකීය ශ්‍රී ලංකා නියෝජනය වෙනුවට තමිල්නාඩු නියෝජනයෙන් බලගැන්වෙනු ඇත.
අද වන විටත් මුදල් අමාත්‍යාංශය තුල ඇත්තේ චන්ද්‍රිකාගේ බල අදිකාරියයි. එය මංගලට හෝ පාලනය කල නොහැකි තත්වයකි. ක්‍රිශාන්ත කුරේලා සිදුකරන්නේ රටේ ප්‍රබල පෞද්ගලික ව්‍යවසායකයන් සහ සමාගම් දැලේ දමා ඩීල් දැමීමයි. ඒ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත බව ඔබ දන්නවාද ?
* ධම්මික පෙරේරා
* හැරී ජයවර්ධන
* හේලීස් සමාගම
යන ත්‍රිපුද්ගල මූල්‍ය මෙහෙයුම්කරුවන් හරහා මංගලගේ සහ චන්ද්‍රිකාගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ඩීල් ගනුදෙනු සිදු කරන බවට තොරතුරු ඇත. ක්‍රිෂාන්ත කුරේ විසින් බොරැල්ල ඔස්ටින් පෙදෙසෙන් කෝටි ගණනක් වටිනා ඉඩම් මිලදී ගන්නේද මේ ඩීල් ගනුදෙනු අනුහසින් බව ඔබ දන්නවාද ? එම මුදල් වලින් ඩයස්පෝරාව සන්තර්පනය වන බව ඔබ නොදන්නවා ඇති.
මෙය කලින් දැන සිටි පුද්ගලයා කවුද ?
මංගලගේ මෙම කුමන්ත්‍රණය අද ඊයේ සිදුවූවක් නොවේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු මෙම සැලසුම ක්‍රියාවට නංවන්නට කටයුතු කලේය. එදා සිට මංගල ලඟ සිටි පිරිස වන ක්‍රිෂාන්ත කුරේ, සාලිය පීරිස්, නිලන්ති පීරිස්, තුසිත හල්ලොලුව වැනි පිරිස් මෙම සැලසුම පිටුපස සිටියෝය. එම සැලසුම මහින්දගේ කණ වැකුණ පසු සිදුකලේ මංගලගේ අමාත්‍යාංශ පවරාගෙන මංගල ඉවතට විසි කිරීමයි. මංගල, චන්ද්‍රිකා යන දෙපල මහින්ද සමග වෛර බැඳගන්නේද මේ සිද්ධිය නිසාය.
කල් ගතකරමින් පැමිණි මංගල යහපාලන රජය තුල ප්‍රබල අමාත්‍ය ධූරයක් ලබාගෙන අද වන විට සිදුකරන්නේද මේ සැලසුම ක්‍රියාවට නැංවීමයි. මෙය රටේ පැවැත්මට ඉතාමත් භයානක සිද්ධියකි. රජයේ පුවත්පත් තුලින් රජය විවේචනය කරවීම මංගලගේ මෙම සැලසුමේ තවත් එක් අවස්තාවකි. අද වන විට රජය එම අනතුරට මුහුණ දී ඇති බව පෙනෙන්නට ඇත. එය රටේ ඉදිරි අනාගතයටද බරපතලව බලපාන කරුණක් බව සඳහන් කල යුතුය. අද වන විට යහපාලන රජයේ ඇතැම් දෙදරීම් වලට හේතුවද මංගල සමරවීර – චන්ද්‍රිකා කුමාරතුංග හවුල බව සියල්ල දැනගත යුතුව ඇත.
මෙම අනතුර වලක්වා නොගතහොත් නැවතත් මේ රට ත්‍රස්ථවාදයෙන් ඇලලී යන රටක් හා දමිල ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට අනුව පාලනය වන රටක් වනු ඇත.
– උපුල් බණ්ඩාර

