අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්… ඇමති රංගේ බණ්ඩාර සියල්ල හෙළිකරයි..

අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්… ඇමති රංගේ බණ්ඩාර සියල්ල හෙළිකරයි..
Spread the love
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශයෙන් දේශපාලන කරළියේ තිගැස්මක් ඇතිවී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කළේ පුත්තලමේදී ඊයේ (26) මාධ්‍ය හමුවක් පවත්වමින්.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ “මමනම් මේ ගැන මොනවත් දන්නේ නෑ..මටත් SMS, ඊමේල් ආවා..දැන් බලන්න ඕනේ මොකද්ද මේකට කරන්නේ කියලා..ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ..ඒ අයගේ අදහස මොකද්ද කියලා දැනගන්න..” යනුවෙනි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද පැවසුවේ අදාළ තොරතුර තමන් දැනගත්තේද මාධ්‍යයෙන් පමණක් බවයි.

“තාම මේ ගැන ලොකු අවබෝධයක් නෑ..පක්ෂයේ අයත් එක්ක කතා කරලා ඉන්න ඕනේ.”

අප මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන්ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නවලට ඔවුන් අත නොදමන බවයි. පසුව ඔහු දුරකතනය විසංධි කළා.

ජනතා විමුක්ති පෙරමුණද පවසන්නේ කිසියම් අයෙකු කරන ප‍්‍රකාශයක් පිළිබඳ එකවර ප‍්‍රතිචාර දැක්විය නොහැකි බවයි. කෙසේ වෙතත් ආණ්ඩුව පරාජය කිරිම ජනතා විමුක්ති පෙරමුණේද අවශ්‍යතාවයක් බව ඔවුන් අවධාරණය කළා.