අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.ඊයේ (20) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රාත්‍රියේ පැවැත්වුණි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාර දෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තා වේ.
