අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට එජාපයේ බහුතරයක සහය ලැබෙන ලකුණු – සියල්ල එලියට..

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට එජාපයේ බහුතරයක සහය ලැබෙන ලකුණු – සියල්ල එලියට..
Spread the love
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩුව සුදානම් වනවා. 

ඒ සම්බන්ධයෙන් පෙරේදා (20) පැවති කැබිනට් රැස්වීමේදී ද අවධානය යොමුව ඇතැයි සඳහන්. 

මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් 55ක් ඇතුළත්. ඉන් 51ක්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිව් දෙනෙකු ද ඊට අත්සන් තබා තිබුණා. නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ යන නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් එම සිව්දෙනායි.
 
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුත් මේ දක්වා ඊට අත්සන් තබා නැති වුවත් අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ විශ්වාසභංගයට අදාළ ජන්ද විමසීමේදී ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙකු ඊට සහාය දක්වනු ඇති බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද විශ්වාසභංග යෝජනාවට සහාය දෙන පිරිස පිළිබදව අදහස් පළ කළා. අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරනු ලැබු පවු සෝදා ගැනීම පිණිස මෙම විශ්වාසභංගය ගෙන ආ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (22) පැවැත්වෙනවා. 

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එමෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධානයට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද තවදුරටත් සාකච්ජා කරනු ඇති.
මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක් රැස්වීමක් ද අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.