අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රිලංනිප ස්ථාවරය මෙන්න – මහින්දගෙන් ප්‍රකාශයක්…

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රිලංනිප ස්ථාවරය මෙන්න – මහින්දගෙන් ප්‍රකාශයක්…
Spread the love

අගමැතිවරයාට එරෙහිව ගෙනු එනු ලැබූ විශ්වාසභංග යෝජනාවට රටේ අවශ්‍යතාවය පිළිබඳව සලකා ලබමින් සහයෝගය ලබා දීමට ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඊයේ (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“විශ්වාසභංගය ගැන පක්ෂය විදියට සාකච්ඡා කරලා පොදු තීරණයක් ගන්නවා. සහයෝගය නොදෙනවා කියලා තීරණයක් නෑ. රටට හොද දෙයක අවශ්‍ය දෙයක් වෙනුවෙන් තීරණයක් ගන්නවා. හොඳ දේකට අපේ සහය තියනවා. බලාගෙන ඉන්න.” අමාත්‍යවරයා පවසා සිටියා.

එසේම ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දීමට පක්ෂයට නිල ආරාධනාවක් ලැබුනුහොත් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවයි.

“මේ විශ්වාසභංග යෝජනාව ගැන කවුරුත් නිල වශයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක සාකච්ඡා කළේ නෑ. කිසිම කෙනෙක් ඉල්ලීමක් කරලත් නෑ අපෙන් කවුරු හරි ඉල්ලීමක් කරනවා නම් අපි මධ්‍යමකාරක සභාව කැඳවලා මධ්‍යම කාරක සභාවේ තීන්දුව පක්ෂයේ තීන්දුව ලෙස කියන්න පුළුවන්.”අමාත්‍යවරයා පවසා සිටියා.