අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙවිව කතානායකවරයාට බාර දී ඇති විශ්වා භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් හය දෙනෙකු පමණ විරුද්ධ වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක, ඇමති මහින්ද සමරසිංහ, ඇමති විජිත් විජයමුණු සොයිසා, ඇමති සරත් අමුණුගම, රාජ්‍ය ඇමති පියසේන ගමගේ, නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර එසේ විරුද්ධ වනු ඇති බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.
විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ලක් කරන දිනයේදී සිය ඡන්දය විරුද්දව භාවිත කරනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

