අගමැති රනිල්ට පක්ෂයි ද? විපක්ෂයි ද ? ශ්‍රිලනිප තීරණය මෙන්න

අගමැති රනිල්ට පක්ෂයි ද? විපක්ෂයි ද ? ශ්‍රිලනිප තීරණය මෙන්න
Spread the love

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය එළැඹෙන 04 දා ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එයට අත්සන් තැබූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමබන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.