අපේ රටේ අග්‍රාමාත්‍ය ධූරය පිළිබඳව බොහෝ දෙනාගේ දැඩි අවධානයට යොමු වෙලා තිබෙන මොහොතක සිදුවූ ජනපති මෛත්‍රී අගමැති රනිල් කතානායක කරු අතර තීරණාත්මක සාකච්චාවෙන් පසුව අගමැති රනිල් තමධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පුර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයකට රනිල් එකගතාව පළකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පවතින දේශපාලන අර්බුදය විසඳීම වෙනුවෙන් වත්මන් අගමැතිධුරය දරණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊට අදාළ සිදුකෙරෙන අවසන් සාකච්ඡාව මේ වන විට ජනාධිපති නිල නිවසේදී සිදු වූ අතර එහිදී මෙම තීරණයට එළෙඹ තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ තම අගමැතිධුරය ඇතුළු වත්මන් ආණ්ඩුවේ පූර්ණ කැබිනට් සංශෝධනයක් මෙම බදාදා සිදුකිරීමට ජනාධිපතිවරයා සමඟ එකඟ වී ඇත.
ඒ අනුව නව අගමැතිවරයා වශයෙන් කරු ජයසුරිය මහතා නම් කිරීමද එකඟ වී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සිදුවනු ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ.
මේ වන ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීම සඳහා තමන්ට අවශ්‍ය බලය පවතින බවත් ඊට අවස්ථාව ලබාදෙන ලෙසටත් සඳහන් කරමින් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.

