අගමැති රනිල් යටතේ ඉන්න බෑ කියපු ශ්‍රිලනිප මන්ත්‍රීලා මෙන්න…

අගමැති රනිල් යටතේ ඉන්න බෑ කියපු ශ්‍රිලනිප මන්ත්‍රීලා මෙන්න…
Spread the love

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ලිපියක් අත්සන් කර ජනාධිපතිවරයාට භාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සඳහා ද එක්සත් ජාතික පක‍්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ අත්සන් කරනු ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක‍්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකර එහෙත් ඒ පිළිබඳ ඡන්ද විමසීමකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 42 ගෙන් 35 දෙනෙකු ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට සූදානමින් සිටින බව දැනගන්නට ලැබේ.

දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා, ආචාර්ය සරත් අමුණුගම ඇතුලූ අමාත්‍යවරුන් 07 දෙනෙකු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට අපේක්ෂාවෙන් සිටී.