ප්‍රාදේශිය සභාවලට අයත් මාර්ග ආදිය සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමට ඉදිරියේදී උනන්දු නොවන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි
ඔහු මේ අදහස් පළ කළේ අද(09) හම්බන්තොට පැවති ජන හමුවකට එක්වෙමින්ය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
“මහින්ද අගමැති වෙයි කියලා ඡන්දෙ දුන්නා. එහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ. 2020 වෙනකම් ඡන්දයක් තියන්න බෑ. පාරවල් හදන්න දෙන සල්ලි දුන්නත්. ප්‍රාදේශිය සභාවලට නවත්වන්න පුළුවන්. ප්‍රාදේශිය සභාවලට අයත් මාර්ගවලට මුදල් දෙන්න අපි දඟලන්නේ නෑ. පළාත් සභා පාරවල්වලට සල්ලි දෙනවා. මධ්‍යම ආණ්ඩුවට අයිති වැව් , පාසල් හදනවාඑපසුගිය මැතිවරණයෙන් පස්සේ .ගමේ සංවර්ධනය අඩුවුණා”
