ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වෙයි.
විශ්වාස භංගයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියා පටිපාටිය හා ගන්නා ලද ස්ථාවරය සම්බන්දයෙන් ඔහු දැඩි කලකිරීමකින් සිටින බවද සදහන්ය.
විශ්වාස භංගයෙන් පසු නව අගමැතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කරන බවට මාධ්‍ය වාර්තාද බොහෝමයක් පල විය.
මේ අතර වාර්තා වන්නේ ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රීලනිප තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම විදෙස් ගතවනු ඇති බවයි. පුද්ගලික සංචාරයන් සදහා මෙසේ විදෙස් ගතවන ඔවුන් සියළු දෙනාම විශ්වාස බංගයට පක්‍ෂ වූ ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් වෙති.
