විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් වෙන ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රාපත් වී ඇත.කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.නුවර ධර්මරජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන පතිරාජ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.අවසන් කටයුතු මහනුවරදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපත සම්මාන පවා හිමිකරගෙන ඇති ඒ මහතාගේ චිත්‍රපට අතර බඹරු ඇවිත් චිත්‍රපටය සුවිශේෂී වන අතර මතු යම් දවස, සොල්දඩු උන්නැහේ, එයා දැන් ලොකු ළමයෙක්, අහස් ගව්ව වැනි චිත්‍රපට නිර්මාණය කළ ඒ මහතා මායා මන්දිර, දුර්ගාන්තය,සුබ අනාගතයක්, කඩුල්ල, පුර සක්මන 2, වන්නි හාමිගේ කතාව ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක්ද අධ්‍යක්ෂණය කර තිබේ.