අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතා සිය නීතිඥ බිරිඳ වන වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම මෙවර පලාත් පාලන මැතිවරණයට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට ඇතුලත් කර තිබීම හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සිට හලාවත පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරුව ක‍්‍රියාත්මක කර ඇත.

