අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට ට්‍රම්ප්ගේ බිරිඳ අතින් ජාත්‍යන්තර සම්මානයක්.(video)

Spread the love

ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හිමි කර ගෙන තිබේ.

ඇමෙරිකා ජනපති බිරිය මෙලානියා ට‍්‍රම්ප් අතින් ඊයේ(29) වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී සන්ධ්‍යා එක්නැලිගොඩට හිමි සම්මානය පිරි නමා ඇතැයි වාර්තා විණ.

ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුව විසින් ඇයට මෙම සම්මානය ලබා දී තිබිණ.

ඇයට අමතරව ලොව පුරා තවත් කාන්තාවන් 13 දෙනකු ඒ සඳහා තෝරාගෙන සිටියහ.