අද කැබිනට් වෙනස කොමඩියක් පමණක් බව ප්‍රසිද්ධියේ කියූ එජාපයේ ඇමති මෙන්න…

අද කැබිනට් වෙනස කොමඩියක් පමණක් බව ප්‍රසිද්ධියේ කියූ එජාපයේ ඇමති මෙන්න…
Spread the love

අද දහවල් සිදු කළ කැබිනට් සංශෝධන සැසිය අවසානයෙන් පසු එළියට පැමිණි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා මාධ්‍ය  ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

ඔහු මෙසේ කිව්වේය.
‘මේ කොමඩි නාට්‍යයක් තමයි ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි කොටස තමයි අද ප්ලේ කළේ. දෙවෙනි කොටස ඊළඟ දවසේ ප්ලේ කරාවි. මේකට හැබයි ජනතාව හිනාවෙයිද අඬයිද ගල්ගහයිද මම දන්නෙ නෑ.

ඔබ කලකිරීමෙන්ද කථාකරන්නෙ?
‘මම කලකිරීමෙන් නෙමෙයි ඉන්නෙ. ඒත් මං හිතන්නෙ ජනතාව බලාපොරොත්තුවූ වෙනස්කම කොහෙත්ම සිදුවෙලා නෑ කියලා.‘

ඒ කියන්නේ අගමැති ධූරය වෙනස්වෙයි කියලද ඔබේ ස්ථාවරය?
‘මගේ කටට වචන දාන්න එපා.. මම කියන්නෙ පැහැදිලි වෙනසක් වෙන්න ඕන කියල. මේවගේ විහිළු කරල ජනතාව රවට්ටන්න බැරිවෙයි කියලයි මම හිතන්නේ.

ඒ කියන්නේ අගමැති ධූරයේ වෙනසද ඇමතිතුමා?
‘ඒ වෙනස වෙයි… හොඳින් හෝ නරකින්‘