ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක ක්‍රිකට් තරඟය ආරම්භ වීමට තව ඇත්තේ පැය කිහිපයකි.ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන කණ්ඩායම් දෙකම එකම වර්ගයේ කණ්ඩායම් දෙකක්ය.කොයි මොහොතේ පුපුරා යනවාදැයි කාටවත් අනාවැකි කිව නොහැක.
තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද තරඟයේදී කිරීමට යනදේ හෙළි කර ඇත.
“පාකිස්තානය භයානක කණ්ඩායමක් බව අපි සියළු දෙනාම දන්නවා. ඔවුන්ගේ දිනයේදී සාර්ථක ක්‍රීඩාවක් කරමින් ඕනෑම කණ්ඩායමක් පැරදවීමේ හැකියාව පාකිස්තානයට තියෙනවා. ඔවුන් පරාජය කරන්න නම් අපි ඔවුන්ට වඩා ඉහළින් සිටිය යුතුයි. ඉන්දියාව පරාජය කළා කියලා සෑහීමට පත්වීමක් අපට නැහැ. මේ වගේ තරගාවලියක සෑහීමට පත්වීමට හෝ තෘප්තිමත් වීමට ඉඩක් නැහැ.
තරඟයේ ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳවත් මැතිව්ස් ඉඟියක් ලබදී ඇත.
“කුසල් අහිමි වීම ලොකු පාඩුවක්. ඔහු ඉතා හොඳින් ‘බැට්’ කළා. අපි එයාව ගෙනාවේ තුන්වැනි ආරම්භක පිතිකරු විකල්පය ලෙසයි. නමුත් එයා මැද පෙලේත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ නිසා ඔහු ඕනෑම ස්ථානයක ‘බැට්’ කළ හැකි ක්‍රීඩකයෙකි. ඒ නිසා අපට විකල්ප බොහොමයක් ලැබුනා.,කුසල් ආපසු යාම අවාසනාවකි. නමුත් ධනංජයත් ඉතා හොඳ ක්‍රීඩකයෙක්. දැනට අපට ඉතිරි වෙලා ඉන්නේ පිතිකරුවන් හත් දෙනෙක් පමණක් නිසා අපට එයාව ගෙන්න ගන්න සිද්ධ වුනා. අපි තවමත් විකට්ටුව බැලුවේ නැහැ. විකට්ටුව පරීක්ෂා කරලා තරගය දින උදයේ අපි තීරණයක් ගන්නවා. තරගයට ක්‍රීඩා කිරීමේ ලොකු ‘චාන්ස්’ එකක් ධනංජයට තියෙනවා. නමුත් අපි තවම තීරණයක් අරගෙන නැහැ.”
මෙම තරඟයේදී මැතිව්ස් විශේෂයෙන් තමන්ගෙන් වියයුතු දෙය කණ්ඩායමට ලබාදීම පිළිබඳවද අදහස් දක්වා ඇත.
“කණ්ඩායම මගෙන් අපේක්ෂා කරන දේ උපරිමයෙන්ම කරන්නත් මම අපේක්ෂා කරනවා.මොකද මම නායකයෙක් විදියට විතරක් නෙවෙයි කණ්ඩායමේ ඉන්නේ.මගෙන් කණ්ඩායමට කරන්න පුළුවන් මොන දේද ඒ දෙය හරියටම කලාම තමයි මම තෘප්තිමත් වෙන්නේ.”
එමෙන්ම මැතිව්ස් පවසන්නේ තමන් තවමත් ඉගනගනිමින් සිටින බවයි.
“ඉගන ගන්න එක කවදාවත් ඉවර වෙන්නේ නෑ,හැම තරඟයක්ම අපිට ලොකු පාඩමක් කියල දෙනවා.අපි ඒ දේ ඉගන ගෙන අවසතාවල් හදන එක තමයි කරන්න ඕන.”
[rns_reactions]