අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..

අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..
Spread the love

අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15) නියෝග කළාය.

වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය කළ කරුණු දැක්වීම මත ඔවුන් රිමාන්ඩ් ගත කෙරිණි.