ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්‍රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරයා ගත යුතු පියවර කුමක්ද යන්න සෘජුව දැනුම් දීමට හවුල්කාර පක්ෂ නායකයෝ තීරණය කර ඇත. ඔවුන්ගේ අදහස දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වන ඉල්ලීමක් මේ සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමට ද පක්ෂ නායකයෝ තීරණය කර ඇත.

