යූරෝ මිලියන 488 ක් වැය කර ශ‍්‍රී ලංකා ඉතාලි සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී තමාට සියයට 10 ක කොමිස් මුදලක් අවශ්‍ය බව රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා ඇතැයි සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නික්ලස් ශ‍්‍රීමාල් මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා ඉතාලියට ගොස් තම සමාගම සමග කටයුතු කරන එරට සමාගමේ නියෝජිතයන් හමුවී මෙම මුදල ඉල්ලා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් අනුමැතිය ඉල්ලා වසර දෙකක් ගතව ඇති බවත් තවම ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ආයෝජන මණ්‌ඩලය දක්‌වා නැතැයිද ඒ මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ පෙරේදා (13 කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.