ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
එම ලිපිය පහතින්.
සභාපති,
ශ්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව,
276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.
2018. 06. 13
මහත්මයාණෙනි,
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹනු !
පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව්ර ලෙස ක්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පිළිබඳව වෙබ් අඩවි කිහිපයක් විසින් හෙලිදරවු කොට ඇත. එම අනාවරණයන් තුළින් ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිප දෙනෙකු නීති විරෝධි කේබල් සේවාවන් වලට සම්බන්ධ බවත් මෙම වෙබ් අඩවි විසින් අනාවරණය කරනු ලැබීය. ඒ අනුව මේ වන විට අපට ලැබී ඇති තොරතුරු මගින් තහවුරු වන්නේ ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බවයි.
මෙවැනි බලපෑම් ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් ඔබගේ කොමිෂන් සභාවට නොහැකි වීම නිසා එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමයි.
එසේ තිබියදී වෙබ් අඩවි තහනම් කිරීමට කඩිනම් තීරණ ගන්නා ආණ්ඩුව විසින් මෙම නීති විරෝධී කේබල් සේවාවන් තහනම් කිරීමට නොගැනීම පිළිබඳව බරපතල සැකයක් රට තුළ හටගෙන තිබේ. ඒ අනුව දැනට ලංකාව පුරා ලියාපදිංචි නොකළ අනවසර කේබල් රූපවාහිනි සේවාවන් පවත්වාගෙන යන ආයතන, ඒවායේ ලිපිනයන්, හා දුරකථන අංක ඇතුලත් ලේඛණයක් මේ සමගම ඔබ වෙත ලබා දීමට ද අපි කටයුතු කරමු.
මෙවැනි වතාවරණයක් යටතේ වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය වගකිව යුතු පාර්ශව විසින් ඉල්ලා සිටින්නේ වහාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී කේබල් රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.
ස්තූතියි!
මෙයට,
චතුරංග ද අල්විස්
සභාපති
වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය

