අනිද්දට වතුර නෑ

Spread the love

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

 වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙන්ම කටුකුරුන්ද, පයාගල, මග්ගොන යන ප්‍රදේශ වලට හෙට(21) උදේ 8.30 සිට පැය දහය හමාරක කාලයක ජල කප්පාදුවක් සිදු වේ.

මීට අමතරව බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවන බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.